ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී දූෂිත ලෙස විවේචනය කළ ඉන්දීය සහ චීන සමාගම් සමඟ දැන් ගිවිසුම් අත්සන් කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
“පසුගිය ආණ්ඩු සමයේදී මෙම චීන සහ ඉන්දියානු සමාගම් ශ්රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දැක්වූ විට, මෙම සමාගම් මතභේදාත්මක, දූෂිත ලෙස හැඳින්වීමට පෙනී සිටියේ මෙම ජාතික ජන බලවේගයයි.
කොහොම වුණත් දැන්, ජාතික ජන බලවේගය තමන්ගේම වචන ගිලගනිමින් ඔවුන් සමඟ ඍජු විදෙස් ආයෝජන ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ගෞරවය ලබා ගන්නා බවක් පෙනෙනවා.
ඔවුන් එදා මෙම ඍජු විදෙස් ආයෝජනවලට විරුද්ධ වූයේ ඇයිද යන්න වගේම ඔවුන් මෙම ඉන්දියානු සහ චීන සමාගම්වල ප්රතිරූපය කැළැල් කළේ ඇයිද යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහ ජනතාවට පැහැදිලි කළ යුතුයි.
ජාතික ජන බලවේගයේ රජය ඔවුන්ගේ විදේශ ප්රතිපත්තිය කුමක්දැයි පැහැදිලි කළ යුතුයි, එය තවමත් තරමක් අපැහැදිලියි, තවමත් පැහැදිලි දිශාවක් පේන්නේ නැහැ.”
ඉන්දියාවේ සහ චීනයේ සංචාර කිරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායකට ප්රශංසා කරමින් නාමල් රාජපක්ෂ මෙම අදහස් ද ප්රකාශ කොට තිබේ.