එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතුව තිබුණේ පසුගිය ජනාධිපතිවරණයට පෙර බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක පවසයි.
එහෙත් රනිල් වික්‍රමසිංහ එහි දී හිතාමතාම සජිත් ප්‍රේමදාස පරාජය කොට අනුර දිසානායක ජයග්‍රහණය කරවීමට කටයුතු කළ බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
එජාප සජබ සන්ධානය සඳහා තමන් කැමති වුව ද එහි දී සිය පක්ෂයට නියම තැන හිමි විය යුතු බවත් නකුට බල්ලා වනන තත්ත්යට නොගොස් බල්ලා නකුට වනන තැනට අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් සුරංග සේනානායක අවධාරණය කරයි.
ඊයේ (19) අනුරාධපුර දී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.