එජාප මහ ලේකම් ධුරය රවී ඉල්ලයි…! අකිලට සම උප නායක ධුරය එපා කියයි…!

January 17, 2021 at 8:58 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය තමාට හිමි විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටීම නිසා පක්ෂයේ තනතුරු ලබා දීමේ දී රවි කරුණානායකට වෙනත් තනතුරක් ලබා දීමට නොහැකි වී ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඔහුට යෝජනා වී ඇත්තේ සම උප නායක තනතුරකි. අකිල විරාජ් කාරියවසම්ටද උප නායක ධුරයක් ලබා දී තමාට ද සම උපනායක ධුරය ලබා දෙනවාට රවී කරුණානායක විරුද්ධ වී ඇත.

එහි දී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසා ඇත්තේ එලෙස සම තනතුරක් ලබා දුන්න ද ඉන් කිසිදු අයුරකින් තනතුරු පහත හෙළීමක් සිදු නොකරන බව ය.

එහෙත් ඊට එකඟත්වය පළ කර නොමැති රවි කරුණානායක පසුගිය 13 දා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස