එක එකාට බයේ 21ට අත උස්සන්න අපි ලේස්ති නෑ…!

June 11, 2022 at 10:34 am | by emanisa.lk

යකාට බයේ සොහොනේ ගෙවල් නොසදන බවත් ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් දේශපාලනයට පැමිණි බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

එක එකා තර්ජනය කළ පමණින් 21 වෙනි සංශෝධනයට අත උස්සා ඡන්දය ප්‍රකාශ කිරීමට තමන් සූදානම් නොමැති බවත් ඊට විරුද්ධ වන්නේ නම් අඬන්න වනු ඇතැයි බිත්තියට හේත්තු කිරීමට සූදානම් නොවන ලෙසත් ඔහු සඳහන් කළේය.

තමන් මෙතෙක් 21 වන සංශෝධනය දැක නොමැති බවත් එය පාර්ලිමේන්තුවට ගෙනැවිත් නොමැති බවත් එවැන්නකට ඡන්දය දෙන ලෙස බලපෑම් කිරීමට විරුද්ධ වන බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *