එක් පක්ෂයක් සියලු මැතිවරණ නීති කඩමින් ප්‍රචාරණයේ…!

September 7, 2024 at 12:19 pm | by emanisa.lk

ප්‍රධාන දේශපාලන පක්ෂයක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන බවට තොරතුරු අනාවරණය වේ.

මෙම පක්ෂයේ සාමාජිකයන් දේශපාලන පක්ෂවල නම් සහ ලකුණු මුද්‍රණය කරන ලද ටී ෂර්ට් ඇඳගෙන සති පොළවල්, වෙළෙඳ සැල් සහ නිවාසවලට ගොස් අත්පත්‍රිකා, වාහන ස්ටිකර් ආදිය බෙදමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවී සිටිති.

ඇතැම් ස්ථානවල පොලිස් නිලධාරීන් රැඳී සිටිය ද මෙම නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට විරුද්ධව කටයුතු නොකරන බවද වාර්තා වෙයි. එක කණ්ඩායමක සාමාජිකයන් 5කට වඩා සිටීම නීති විරෝධී වුව ද මොවුන් 20-30 කණ්ඩායම් ලෙස ප්‍රචාරක කටයුතුවල නිරත වෙති.

යම් දේශපාලන පක්ෂයක නම සහ ලකුණ යෙදූ ටීෂර්ට් ජංගම ප්‍රචාරක ප්‍රදර්ශන යටතට ගැනෙන බවත්, වාහනවල අලවා තිබෙන සියලු ස්ටිකර් ඉවත් කරන ලෙස දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට දැනුම්දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *