එක්ස්ප්‍රස් පර්ල් නැවට ගිනි තිබ්බේ චීන්නු…! දැන් බටහිර මුහුදේ මාළු නෑ…! ඒ වඳ භූමිය චීනේ අල්ලගන්නවා….! – චමීර පෙරේරා…

June 4, 2021 at 9:03 am | by emanisa.lk

නැවේ අනතුර මගින් රටේ බටහිර සමුද්‍ර කලාපය අල්ලා ගැනීම සඳහා චීනය සැලසුම් කළේ ද යන සැකය මතු වන බව ක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

බටහිර මුහුදේ ජීවීන් විනාශ කර, වඳ භූමියක් කර එය අල්ලා ගැනීමට චීන සමාගම් සැලසුම් කළේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

පොර්ට් සිටියෙන් ආරම්භ වූ ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය කොළඹ මර්මස්ථාන අහිමි වීම දක්වා දීර්ඝ වී තිබෙන බව ද ඔහු පවසයි. අපේ සාගරය නිසරු කලාපයක් කර එය අල්ලා ගැනීම චීන සැලසුම බවත් හෙතෙම හෙළි කරයි.

මේ ගිනි ගැනීමෙන් පසු රටේ බටහිර මුහුද ගොළු මුහුදක් වීමට නියමිත බවත් මෙම මුහුදු කලාපය යථා තත්ත්වයට පත්වීමට වසර 50ක් ගතවනු ඇති බවත් චමීර පෙරේරා පෙන්වා දෙයි.

ඊයේ (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *