එකම රේඩියෝලොජි විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර යයි..!

June 30, 2023 at 5:47 pm | by emanisa.lk

මෙරටට සිටි එක ම රේඩියෝලොජි ළමා විශේෂඥ වෛද්‍යවරයා ද මේ වන විට රට හැර ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදීයි වෛද්‍යවරයා මේ බව අනාවරණය කර ඇත්තේ.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ 2024–2025 වසර සඳහා විශේෂඥ වෛද්‍යවරු හාර දහසක් පමණ රටට අවශ්‍යව ඇති බව ගණන් බලා ඇතත් දැනට රට තුළ සිටින්නේ ඉන් අඩක් පමණක් බවය.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කළහොත්, එම විශේෂඥ වෛද්‍යවරුන්ගෙනුත් දෙසීය පනහක් පමණ අඩු වීමට නියමිත බවත් එසේ වුවහොත් රට තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 1750 දක්වා අඩුවනු ඇති බවත් ඔහු අව්ධාරණය කළේය.

හදිසි අනතුරු ඒකක සදහා විශේෂඥ වෛද්‍යවරු 30 දෙනෙකු පුහුණුව ලබා දී බඳවාගෙන ඇති අතර එම 30 දෙනාගෙන් 20 දෙනෙක්ම මේ වන විට රට හැරගොස් ඇති බවයි අනාවරණය වී ඇත.

එමෙන්ම 2024-2025 වසර සඳහා නිර්වින්දන වෛද්‍යවරු 289 දෙනෙකු රටට අවශ්‍යව ඇති නමුත් මේ වන විට රට තුළ සිටින්නේ නිර්වින්දන වෛද්‍යවරු 155 දෙනෙකු පමණක් බවයි, එම මාධ්‍ය හමුවේදි වෛද්‍යවරයා සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *