එකඟ වුණේ එට්කා ගිවිසුම් සාකච්ඡා ඉදිරියට අරන් යන්න විතරයි…! – ඇමති විජිත හේරත්…

December 20, 2024 at 2:18 pm | by emanisa.lk

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව යා කොට තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම සඳහා කිසිදු එකඟතාවයකට නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එම නළ එළීමේ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට මිස එය ක්‍රියාත්මක කිරීමට එකඟ නොවූ බව ද හෙතෙම අවධාරණය කරයි.

එට්කා ගිවිසුම පිළිබඳව ද යම් සංවාදයක් සාකච්ඡාවක් කාලයක් තිස්සේ ඇති අතර එම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට මිස එය අත්සන් කිරීමට එකඟ නොවූ බව ද ඇමති විජිත හේරත් ප්‍රකාශ කරයි.

රටට අහිතකර කිසිදු ගිවිසුමකට සිය ආණ්ඩුව නොඑළඹෙන බව ද ඇමති විජිත හේරත් වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *