ඌරු මස් ආනයනයට ඉල්ලීම් ලැබී ඇතත් මෙතෙක් ඊට අවසරය ලබාදී නොමැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසයි.
නිෂ්පාදනයේ යම් අඩු පාඩුවක් පවතින බැවින් ඌරු මස් යම් ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා මෙලෙස ඉල්ලීම් යොමු කර තිබේ.
ඌරු මස් ආනයනය සඳහා අවසරය ලබා දෙන්නේ ජනාධිපති කාර්යාලයේ ආහාර හා ප්‍රතිපත්ති කමිටුව විසිනි. ඊට අදාළ ඉල්ලීම් එම කමිටුවට පසුගියදා ඉදිරිපත් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියි.
අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව ප්‍රකාශ කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.