උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ඔක්තෝබරයේ…

July 20, 2020 at 12:45 pm | by emanisa.lk

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වන දින පැවැත් වේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ ඒ අනුව අපොස උසස් පෙළ විභාගය මසකින් කල් දමා ඇති බවය.

එය සිසුන්ගේ ඉල්ලීමක් බව ද ඔහු පැවසීය.

අදාළ විෂය නිර්දේශ ආවරණය කිරීමට කාලය අවශ්‍යතරම් ඇති බව ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *