උසස් පෙළ උත්තර පත්‍ර කඹ ඇදිල්ලෙන් සාපෙළ කල් දැමේ…!

April 10, 2023 at 12:15 pm | by emanisa.lk

පාසැල්වල අමතරව රැඳී සිටින සාමාන්‍ය පෙළ සිසුන් තුන්ලක්ෂයක පමණ පිරිසකට පන්ති කාමර ඉඩකඩ සොයා ගැනීම සම්බන්ධයෙන් පාසැල් ප්‍රධානීහු දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.

මෙම අර්බුදය ඇති වී තිබෙන්නේ 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට මෙතෙක් නොහැකි වීම නිසාය.

මේ නිසා පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ ද සාමාන්‍ය පෙළ සිසුන් හයලක්ෂයකට පමණ එකොළහ ශ්‍රේණියේ පන්තිවල රැඳී සිටීමට සිදුව තිබේ.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ගැටලුව හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 වැනිදා දක්වා සති දෙකකින් කල් දැමීමට ද විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන අතර මේ නිසා අමතර සිසුන්ට තව දුරටත් පන්ති කාමරවල රැඳී සිටීමට සිදු වෙයි. විභාගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ ලබන මස 15 වැනිදාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *