උමාරා ව්‍යවස්ථා කඩමින් ජාතික ගීය ගායනා කරලා…! නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්…!

August 22, 2023 at 5:32 pm | by emanisa.lk

ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවට ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුව විසින් අනාවරණය කර තිබේ.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීයේ මාතා යන පදය වෙනුවට මහතා යැයි ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ගායනා කිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීයේ අදාළ පදමාලා මධ්‍යම ස්වරයෙන් ගායනා කළයුතු වූවත්, ගායන ශිල්පිනිය එය ගායනා කර ඇත්තේ උච්ච ස්වරයෙන් බව විමර්ශන කණ්ඩායම විසින් කරන ලද විමර්ශනයේදී තහවුරු වී ඇත.

මීට පෙර ද පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී මෙම ගායන ශිල්පිනිය කණ්ඩායමක් එක්ව ජාතික ගීය ගායනා කර ඇති අතර, එහිදීද මාතා වෙනුවට මහතා යැයි ගායනා කර ඇති බව එහි දී අනාවරණය වී තිබේ.

අදාළ වාර්තාව ඉකුත් සිකුරාදා (18) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විමර්ශන කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *