අතීතයේ සිට ආචාර්ය යන නාමය භාවිත කර ඇත්තේ ගුරුවරයා යන අර්ථයෙන් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
ක්‍රිස්තු පූර්ව යුගයේ සෙල්ලිපිවල හස්ථි ආචාරි, දුනු ආචාරි ආදී නාම ගුරුවරයා යන අර්ථයෙන් භාවිත වන බවද ඔහු ප්‍රකාශ කරයි.
එහෙත් අද වන විට එය භාවිත වන්නේ විශ්වවිද්‍යාලයක සිය පළමු දෙවන උපාධි අවසන් කොට අධ්‍යාපන සුදුසුකම් ලබාගත් අයකු හැඳින්වීමට බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
දර්ශන විශාරද උපාධිය හැදිරීමට හැක්කේ මූලික උපාධිය සහ ශාස්ත්‍රපති හෝ දර්ශනපති උපාධි සම්පූර්ණ කළ අයකු සඳහා පමණක් බවත් හෙතෙම සඳහන් කරයි.
ආචාර්ය උපාධිය සම්පූර්ණ නොකළ කිසිවෙකුට විශ්වවිද්‍යාලය තුළ මහාචාර්ය තනතුර භාවිත කළ නොහැකි බවද රුවන් මාපලගම අවධාරණය කරයි. ආචාර්ය උපාධිය සම්පූර්ණ කළද මහාචාර්ය පදවිය ලබා ගැනීමට තවත් සුදුසුකම් සපුරාලිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඉදිරිපත් කළ ආචාර්ය මහාචාර්ය පදවි අවභාවිතය වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයට එකතු වෙමින් රුවන් මාපලගම මේ බව කීය.