උපාධිධාරීන් 450කට අධික පිරිසක් පාසල් වැසිකිළි සේදීම, වතු සුද්ද කිරීම වැනි රාජකාරිවල යෙදී සිටින බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා පවසයි.
රැකියාව කරමින් උපාධිය ලබාගත් ඌන සේවා උපාධිධාරීන් පිරිසක් මෙලෙස කම්කරු රැකියාවල යෙදෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
එම උපාධිධාරීන් සුදුසු තනතුරුවල පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ දක්වා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවට ද අජිත් තිලකරත්න චෝදනා කරයි.
එම පිරිස දැනට පාසල් සනීපාරක්ෂක කම්කරු, පුස්තකාල සහයක, මුරකරු, රසායනාගාර සහායක, ලේඛන සහකාර වැනි තනතුරුවල රාජකාරි කරන බව ද ඔහු සඳහන් කළේ ය.