උද්ධමනය අඛණ්ඩව ඉහළට… අගෝස්තු මස සියයට 08යි…!

September 1, 2026 at 11:44 am | by emanisa.lk

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 2026 ජුලි වාර්තා වූ සියයට 7.3ට සාපේක්ෂව 2026 අගොස්තු මස සියයට 8.0 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රේල් මස උද්ධමනය සියයට 5.4ක්ද මැයි මස සියයට 6.5ක්ද විය.

ඒ අනුව ආහාර උද්ධමනය 2026 ජුලි මාසයේ දී වාර්තා වූ සියයට 6.3හි සිට 2026 අගොස්තු මාසයේ දී සියයට 8.5 දක්වා ඉහළ ගිය අතර මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2026 ජුලි මාසයේ දී වාර්තා වූ සියයට 7.8හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 7.7 දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

2022 වසරේ සියයට 70 දක්වා ඉහළ ගිය උද්ධමනය රනිල් වික්‍රමසිංහ පාලනය අවසන් වන විට ඍණ අගයක් දක්වා පහත දමා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *