උද්ඝෝෂණවල දී තුවාල ලැබීම සාමාන්‍ය දෙයක්…! – බන්දුල…

February 28, 2023 at 12:44 pm | by emanisa.lk

උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා නිරතුරුව ම අවම බලය භාවිත කරන ලෙසට රජය ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු පසුගියදා පැවැති විරෝධතාවට එකතු වූ ජාජබ අපේක්ෂකයකු මිය යාම අවම බලය භාවිත කිරීමක් දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නාම යෝජනා භාර දී ඇති අවස්ථාවක මැයි දින පෙළපාලිය හැර වෙනත් කිසිදු පෙළපාලියක් ගමන් කිරීමට මැතිවරණ නීතිය යටතේ අවසර නෑ.

පොලිසිය විසින් විහාර මහා දේවී උද්‍යානයේ හා ඒ අවට ප්‍රදේශයේ නිදහසේ හැසිරෙන රැස්වීම් පවත්වන්න ඉඩ කඩ ලබා දුන්න බවත් සඳහන් කළා.

නමුත් කිසිදු නියෝගයක් නොතකා කෙලින් ම කොටුව දෙසට පෙළපාලියකින් ගමන් කරන්න යාමේදී තමයි නැවැත්වීම සඳහා අවම බලය පාවිච්චි කරලා තියෙන්නේ.

ඔවුන් ඉතා පැහැදිලිව කිව්වා කිසි ම ආකාරයකට බැට්න් ප්‍රහාරයක් පවා එල්ල නොකර ජල ප්‍රහාරයකින් පමණක් සුළු උද්ඝෝෂණ පවා විසුරුවා හරින්න කියලා. බැටන් ප්‍රහාරයක්වත් එල්ල කළේ නැතුව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් තමා එල්ල කරලා තියෙන්නේ.

පුද්ගලයෙක් උද්ඝෝෂණවලදී වැටිලා තුවාල වෙන එක සාමාන්‍ය සිරිතක්. අපිත් හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේදී විශාල පිරිසක් රෝහල්ගත වුණා. බන්ධනාගාරගත වුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *