උතුර ඇතුළු රටේ සමස්ත ජනතා අපේක්ෂාව සියලු පාර්ශ්ව එකතු වී අනාගත පරපුර වෙනුවෙන් රට ගොඩනැඟීම බව කතානායක අශෝක රන්වල පවසයි.
උතුරේ ජනතාව සාමාන්‍ය ලෙස එකතු වී සාකච්ඡා කරන සංවාද කරන පරිසරයක් නිර්මාණය වී ඇති බව ද කතානායකවරයා සඳහන් කරයි.
ඒවා පැරණි මහවිරු සැමරුම් යැයි තමා විශ්වාස නොකරන අතර උතුරේ ජනතාව පිළිබඳ සැබෑ විශ්වාසයක් තමන්ට ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ යම් සිද්ධියක් සිදුවන්නේ නම් එය හුදෙකලා නොකර ඒ පිළිබඳ සොයා බැලීම සිය වගකීමක් බවයි.
අද (27) මාලිගාවත්ත උලමා සභාවට පැමිණි විට උතුරේ මේ දිනවල පැවැත්වෙන මහවිරු සැමරුම් පිළිබඳ මාධ්‍ය විමසූ අවස්ථාවේ කතානායක අශෝක රන්වල මේ බව කීය.