උතුරේ ජනතාව දෙමළ ජාතික සන්ධානය වෙනුවට ජාතික ජන බලවේගය තෝරා ගැනීමෙන් ඔවුන් ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයට ද විරුද්ධ බව තහවුරු කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
මේ ආණ්ඩුවට ලැබී ඇති ජන වරමෙහි අර්ථය කැනේඩියානු දෙමළ සංගමය වැනි ජාතිවාදී ආගම්වාදී බෙදුම්වාදීන්ගේ උවමනා සන්තර්පනය කිරීම නොව ඒකීය රාජ්‍යය තුළ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ අභිලාෂ ඉටු කිරීම බවයි, ඔහු පෙන්වා දුන්නේ.
සිය දේශපාලන කටයුතු අඛණ්ඩව ඉදිරිය සිදුවන බවත් ආණ්ඩුව රටේත් ජනතාවගේත් යහපත උදෙසා ගන්නා තීන්දු දෙස ධනාත්මකව බලන අතර ඊට එරෙහි තීන්දුවලට විරද්ධව ජනතාව පෙළගස්වන බව ද හෙතෙම අවධාරණය කරයි.
ගෝඨාභය රාජපක්ෂ ජනතා අභිලාෂ ඉටු නොකිරීම සහ සාම්ප්‍රදායික පක්ෂ කැබලිවලට කැඩී විනාශ වීම අභියස විකල්පය ලෙස ජනතාව ජාතික ජන බලවේගය තෝරා ගෙන ඇති අතර එම ජනතාවගේ එකිනෙකට සමාන එකිනෙකට ප්‍රතිවිරුද්ධ අභිලාෂ සම්පූර්ණ කරන ප්‍රමාණය අනුව ආණ්ඩුවේ අනාගතය තීරණය වන බව ද විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
අද (18) නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ නැවත නික්ම යන අවස්ථාවේ ඔහු මේ බව කීය.