උතුරේ අධිකරණ කටයුතු අඩාලයි..! මුලතිව් විනිසුරු වෙනුවෙන් නීතීඥවරු වර්ජනයක…!

October 3, 2023 at 5:46 pm | by emanisa.lk

මුලතිව් මහෙස්ත්‍රාත් ටි. සරවණරාජා වෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥවරු අද (03) නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවූහ.

ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙසය.

යාපනය , කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි නීතිඥයවරු මෙම වැඩ වර්ජනයට එකතු වී නඩු කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් උතුරු පළාතේ අධිකරණවලහි දෛණික කටයුතු අඩාලවිය.

මුලතිව් දිස්ත්‍රික් නීතීඥයවරුන් ටි.සරවණරාජා මහෙස්ත්‍රාත්වරයාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාල පුද්ගලයන්හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා වැඩ වර්ජනයේ නිරතවන අතර විසඳුමක් ලැබෙනතුරු තමන් අඛණ්ඩව අධිකරණ කටයුතු වර්ජනයේ නිරතවන බවත් මුලතිව් නීතීඥයවරුන්ගේ සංගමය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *