උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත්, හිටපු අමාත්‍ය විමලවීර දිසානායකගේ පුත් අංජන දිසානායක ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් සර්වජන බලය සමග එක්ව තිබේ.
ඊයේ (27) සර්වජන බලය පක්ෂ කාර්යාල පරිශ්‍රයේ පැවති විශේෂ හමුවක දී එම පිරිස පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
උතුරු මැද පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම අම්පාර දිස්ත්‍රික් නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් ද ඒ අතර වෙති.