පසුගිය වසර පහ ඇතුළත සෙසු පළාත්වලට සාපේක්ෂව උතුරු නැගෙනහිර ජනගහනය හතළිස් අටදහසකින් වැඩි වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත අනාවරණය කරයි.
ඉකුත් 2020 වසරේ 1152000ක් පමණ වූ උතුරු පළාතේ ජනගහනය පසුගිය වසරේ දී 1181000ක් දක්වා විසි නව දහසකින් පමණ වැඩි වී ඇති අතර 1746000ක් පමණ වූ නැගෙනහිර පළාතේ ජනගහනය පසුගිය වසර වන විට 1765000ක් දක්වා දහනව දහසකින් පමණ ඉහළ ගොස් ඇත.
මේ අතර දකුණු පළාතේ ජනගහන වර්ධනය හයදහසක් පමණ වන අතර ඌව සහ සබරගමුව පළාත්වල දහසකින් පමණ ජනගහනය ඉහළ ගොස් ඇත. එම කාලය ඇතුළත බස්නාහිර පළාතේ ජනගහනය පනස් දහසකින් ද වයඹ පළාතේ ජනගහනය දොළොස් දහසකින් ද පහළ ගොස් තිබේ. මධ්‍යම පළාතේ එම අඩුවීම එකොළොස් දහසක් පමණ ය. උතුරු මැද පළාතේ ජනගහනය සමස්තයක් ලෙස නොවෙනස්ව පවතී.
ජනගහනය වැඩි වශයෙන් ම අඩු වී ඇති දිස්ත්‍රික්කය ගම්පහ වන අතර එම සංඛ්‍යාව විසි එක් දහස ඉක්මවා තිබේ. ජනගහනය වැඩි වශයෙන් වැඩි වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව එකොළොස් දහස ඉක්මවයි.