උතුරු නැගෙනහිර ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනකට කැබිනට් අනුමැතිය…!

August 11, 2026 at 4:48 pm | by emanisa.lk

ලෝක බැංකු සමූහයේ ඩොලර් මිලියන 100ක මූල්‍ය පහසුකමක් යටතේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහනක් දියත් කිරීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම ව්‍යාපෘතිය මගින් ආර්ථික විභවයක් සහිත කාණ්ඩ ශක්තිමත් කිරීම, ව්‍යවසාය ප්‍රවර්ධනය, ආර්ථික අවස්ථා පුළුල් කරමින් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සහ උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම ආදී අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරෙයි.

ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සමායතනය 2026-2031 කාල සීමාව තුළ මෙරටට ඩොලර් මිලියන 1000ක මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *