උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ජනපති TNA සාකච්ඡා…!

May 9, 2023 at 9:32 am | by emanisa.lk

උතුරු – නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා තිබේ.

අද (09) දින ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයට ආරාධනා ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් සඳහන් කරයි.

මෙම සාකච්ඡවෙහි පදනම උතුරු නැගෙනහිර ඓතිහාසික දෙමළ නිජබිම ලෙස පිළිගැනීම සහ එම පළාත් නැවත ඒකාබද්ධ කිරීම යන කරුණු මත පදනම් විය යුතු බව ද ඉන් බැහැර වන සාකච්ඡා සඳහා තමන් සූදානම් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ නිවසේ පවත්වා තිබේ.

ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු පිරිසක් සහභාගී වූ බව එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස