උතුරේ දෙමළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් ජාති හා ආගම් භේදයෙන් තොරව සහයෝගයෙන් කටයුතු කිරීම තම දේශපාලන ගමනට බාධාවක් බව සිතන ඇතැම් දේශපාලනඥයින් ජාතීන් අතර සමඟිය බිඳින්නට කටයුතු කරන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි අවධාරණය කරයි.
උන්වන්සේ මේ බව පැවසුවේ ගෝලීය දමිළ සංසදයේ සභාපති සුරේන් සුරන්දිරන් ඇතුළු පිරිසක් ඊයේ (08) මල්වතු මහනාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.
එවැනි දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කළ යුතු කාලය දැන් එළඹ තිබෙන බව ද උන්වහන්සේ එහිදී සඳහන් කළහ.
දේශපාලන වාසි සඳහා උතුරේ ඇතැම් දේශපාලනඥයින් දෙමළ ජනතාව නොමග යැවීම සඳහා නොයෙකුත් වැරදි මත සමාජගත කරන බව ද උන්වහන්සේ ඔවුන් හමුවේ පැවසූහ.
එහිදී අදහස් දක්වමින් සභාපති සුරේන් සුරන්දිරන් පැවසුවේ ගෝලීය දෙමළ සංසදයට රට බෙදා වෙන් කිරීමේ කිසිදු අවශ්‍යතාවත් නොමැති බවත් උතුර පමණක් නොව රටම සංවර්ධනය කිරීම සඳහා සහයෝගය ලබා දීම සංසදයේ අපේක්ෂාව බවයි.