උතුරු තිස්ස විහාරෙට කරන ට්‍රීට්මන්ට් එක පුනරුද රාලහාමිලා ඉඹුල්ගොඩටම ගෙනැල්ලා…! – විමල් වීරවංශ…

February 17, 2025 at 7:18 pm | by emanisa.lk

උතුරේ තිස්ස රජමහ විහාරයට සිදුකරන කෙනහිලිකම් වෙනත් මුහුණුවරකින් ඉඹුල්ගොඩ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක් වෙත මුදාහැර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කරයි.

“උතුරේ තිස්ස රජමහ විහාරයට දෙන ට්‍රීට්මන්ට් එක තමයි, මේ ඉඹුල්ගොඩ දී මේ දෙන්නේ පුනරුද රාලහාමි මහින්ද ජයසිංහ. මේ දෙකේම එක හා සමාන මනෝභාවයක් තියෙන්නේ. මේගොල්ලෝ හිතනවා, අපට පුළුවන් පන්සල් ඇතුළට ගිහිල්ලා කඩන්න, පරික්ෂා කරන්න, රිංගන්න බලය පාවිච්චි කරන්න අපට පුනරුදයෙන් අසමසම බලයක් ලැබිලා තියෙනවා කියලා.

අපි ආණ්ඩුවට ඉතා ඕනෑකමින් කියනවා, ඔය පුනරුද උණ කරුණාකරලා බස්සගන්න කියලා. පුනරුද රාලහාමිලාට මේ රටේ රජයේ නොවන කිසිදු දේපළකට බලහත්කාරයෙන් හෝ සාමකාමීව ඇතුළු වෙන්න කිසිම බලයක් නෑ. ඊට දවස් දෙකකට කලිනුත් එතන භාවනා වැඩසටහනක් තිබුණා. ගමේ මිනිස්සුත් ආව. පුනරුද රාලහාමිටත් උවමනා නම් එදා යන්න තිබුණා.”

අද (17) ජාතික නිදහස් පෙරමුණු මධ්‍යස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් විමල් වීරවංශ මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *