උතුරින් ලංකා හමුදාව නෙරපන්න…! ඊළාම් රාජ්‍යයට සහාය දෙන්න…! – වයිකෝ ඉන්දීය රජයට කියයි…

October 3, 2022 at 12:11 pm | by emanisa.lk

කොටි හිතවාදී එම්. ඩී. එම්. කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසත් ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවීම සඳහා වූ ජනමත විචාරණයකට සහාය දෙන ලෙසත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය සී. එන්. අන්නදුරේගේ 114 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයකදී අදහස් දක්වමින් වයිකෝ මේ බව අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ නිජබිමෙන් ඉවත් කිරීමට ඉන්දියාව කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.

ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ද ඔහු සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *