උතුරට එක නීතියක්… දකුණට තව නීතියක්… මහවිරුවන් සැමරූවන්ට දණ්ඩ නීතිය… ඊට විරුද්ධ අයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…! – දයාසිරි…

December 4, 2024 at 6:13 pm | by emanisa.lk

ජාතිවාදයට රටේ කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත් ඊට එරෙහිව කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුව අමතමිනි.

එහෙත් වර්තමාන ආණ්ඩුව උතුරට එක නීතියක් ද දකුණට තවත් නීතියක් ද ක්‍රියාත්මක කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ආණ්ඩුව උතුරේ කොටි සැමරුම් කළ අයට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද දකුණේ ඊට විරුද්ධ වූ අයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද නඩු පවරා ඇති බවයි, දයාසිරි ජයසේකර සඳහන් කළේ.

ඊට පිළිතුරු ලබා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ නඩු පැවරීමේ කටයුතු සිදුකරන්නේ පොලිසිය බවත් පොලිසියට නිදහසේ කටයුතු කිරීමට සිය ආණ්ඩුව නිදහස ලා දී ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *