උග්‍ර රැකියා හිඟයක් අත ළඟ… රස්සා ලක්ෂ 3ට ලක්ෂ 10ක් පෝළිමේ…!

September 17, 2025 at 11:43 am | by emanisa.lk

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායට මිලියනයකට ආසන්න තරුණ පිරිසක් එකතු වුව ද එම කාලයේ දී නව රැකියා ප්‍රමාණය ලක්‍ෂ 3ක් පමණ අඩු ප්‍රමාණයක් ජනිත වනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

මේ නිසා රැකියා උත්පාදනය සඳහා පෞද්ගලික අංශයේ වර්ධනය දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව ලෝක බැංකුවේ උප සභාපති Johannes Zutt පවසයි.

ලෝක බැංකු උප සභාපතිවරයාගේ ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරය අවසන් වීමෙන් පසුව ලෝක බැංකුව නිකුත් කළ නිල ප්‍රකාශයේ මේ බව දැක්වේ.

පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම, තරගකාරිත්වය ශක්තිමත් කිරීම සහ සේවා සැපයීම සහ රට පුරා රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ලෝක බැංකු සමූහය රජය සමග හවුල්කාරිත්වයෙන් දිගටම කටයුතු කරනු ඇති බව ද ලෝක බැංකුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *