ඊළඟ ඡන්දෙදි සිංහල ඡන්ද තුනට කැඩෙනවා..! සුළු ජන ඡන්දයෙන් සජිත් ජනපති වෙනවා…! – පලනි දිගම්බරන්…

December 11, 2023 at 11:34 am | by emanisa.lk

කවුරු කුමක් කීවත් සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසයි.

“ආර්ථික අර්බුධය නිසා ජනතාව දැඩි අපහසුවෙන් ජිවත් වෙන්නේ, වැට් බද්දත් 3% කින් වැඩි කරලා, රාජ්‍ය සේවකයින්ට රු. දස දහසක දිමනාවක් දුන්නට කිරිපිටි පැකට් එකේ ඉඳලා සියලු දේම මිල වැඩි කරලා, ජනාධිපතිවරයා කියනවා ලබන අවුරුද්දේ ඔක්තොබර් මස මැතිවරණයක් තියෙනවා කියලා.

ඒක ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජනාධිපතිවරණයත් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා. මොකද ඔහු සමග සුළු පක්ෂ සියල්ලම ඉන්නවා. පොහොට්ටුව රනිල් වික්‍රමසිංහට උදව් කළා කියලා ඔහුට ජයගග්‍රහණය කරන්න බෑ, පොහොට්ටුවනේ රට මේ වගේ ආර්ථික වශයෙන් වැට්ටුවේ, ඒ අයටත් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න බෑ.

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරඟ කරනවා, ඔහු ජයග්‍රහණය කරනවා. මේ පාර ඡන්දය පක්ෂ ගණනාවකට කැඩිලා යනවා, ගියා පාර වගේ ජාතිවාදය අවුස්සලා තනි පක්ෂයකට ජන්දය ලබා ගන්න බෑ. සිංහල ජන්ද පක්ෂ තුනකට කැඩිලා යනවා. එතකොට සුළු පක්ෂවල ජන්දයෙන් තමයි ජනාධිපතිවරයා පත් වෙන්නේ. සුළු පක්ෂ සියල්ල ඉන්නේ සජිත් ප්‍රේමදාස සමගයි.

වතු කම්කරුවන්ට 1700/= දෛනික වැටුපක් ලබාදෙන්න කියලා ජනාධිපතිවරයා වතු සමාගම්වලට කිව්වා කියලා වතුකරයේ ඇතැම් දේශපාලනඥයින් කියනවා. වතු සමාගම්වලට එහෙම දෙයක් ජනාධිපතිවරයා කිව්වේ නෑ කියලා ඔවුන් කියනවා. මම කියන්නේ වතුකරයේ ජනතාව ගොඩක් දුක් විඳින පිරිසක්. ඒ නිසා මේ වතු වතු කම්කරුවන්ට බෙදා දෙන්න ඕනි. එතකොට තමයි ඒ අයගේ ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන්.”

පලනි දිගම්බරම් මෙලෙස කියා සිටියේ හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස