ඊළඟ ඡන්දෙට පොහොට්ටුව දිය කරන්න ඇමැති මනූෂ මෙහෙයුමක…!

August 26, 2022 at 5:11 pm | by emanisa.lk

ඇමැති මනූෂ නානායක්කාර තමන්ගේ කනට කර ඊළඟ මැතිවරණයේ දී පොහොට්ටුව දිය කරමු යැයි තමාට රහසින් පැවසූ බව පුද්ගලයෙකු චෝදනා කළේය.

රංජන් රාමනායක නිදහස් කරන අවස්ථාවේ වැලිඩ බන්ධනාගාරයට පැමිණි ඇමැතිවරයා එලෙස තමාට පැවසූ බවයි, එම පුද්ගලයා ප්‍රකාශ කළේ.

රංජන් රාමනායකලා විකුණමින් ඡන්දය ලබා ගත් මනූෂ නායාක්කාර අනතුරුව පොහොට්ටුවට රිංගා එහි වරදාන ලබමින් ජනතාව රවටන බවට ද ඔහු චෝදනා කළේය.

එම අවස්ථාවේ රැස්ව සිටි ජනතාව මනූෂ නානායක්කාරට හූ කියා විරෝධය පළ කිරීම ද විශේෂත්යකි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *