ඊයේ ඉල්ලා අස් වූ රේණුක පෙරේරා අද වැඩ….!

April 21, 2021 at 10:16 pm | by emanisa.lk

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවට ඊයේ අගමැතිවරයා වෙත ලිපියක් යොමු කළ එහි සභාපති රේණුක පෙරේරා අද එම තනතුරේ රාජකාරි කළ බව වාර්තා වේ.

මෙම ඉල්ලා අස්වීමේ ලිපිය යැවීමෙන් පසු ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිප දෙනකුම රේණුක පෙරේරා සමග සාකච්ජා කොට ඇති බවත් ඉන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගැනීමට ඔහු පියවර ගෙන ඇති බවත් දැනගන්නට ඇත.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ තමන් වෙත අනිසි බලපෑම් එල්ල කරන බව කියමින් රේණුක පෙරේරා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *