මෑතක යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්ය නිලධාරියෙකු දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඉදිරියේදී තමන්ට සහ තම පවුලට එල්ල වියහැකි ජීවිත තර්ජන පිළිබඳ සඳහන් කරමින් ඔහු යුරෝපයේ ප්රධාන රටකින් දේශපාලන රැකවරණ පතා අයඳුම්පතක් ගොනුකර ඇත.
මෙසේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇත්තේ මේ දිනවල නිතරම කතාබහට ලක්වන රාජ්ය ආයතනයක ප්රධානියකු බවද දැන ගන්නට තිබේ.
ඒ අනුව ඔහුට ඕනෑම මොහොතක අදාළ රටට සිය පවුල සමග ඇතුළු විය හැකි පරිදි වසර පහකට වලංගු වීසා බලපත්රයක් ඉදිරියේදී ලැබීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.