මෙරට ඇඟලුම් සඳහා ජාත්‍යන්තරයේ පවතින ඉල්ලුම සියයට විසි පහකින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය සඳහන් කරයි.
ජාත්‍යන්තර ඇනවුම් අඩුවීම නිසා ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම එලෙස පහත වැටී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් 2022 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන පහක් වූ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම මෙම වසරේදී ඩොලර් බිලියනයකින් පමණ අඩු විය හැකි බව ද ඔවුන් සඳහන් කරයි.
මේ නිසා ඇතැම් ඇඟළුම් ආයතන තාවකාලිකව වසා දමා ඇති අතර තවත් ඇඟළුම් කම්හල් සතියකට දින කිහිපයක් පමණක් ක්‍රියාත්මක වන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු සඳහන් කළේය.
ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුදය මෙරට ඇඟලුම් අපනයන කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනු ලැබුවද පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඉන්දියාව, චීනය, ජපානය හා ඔස්ට්‍රේලියාව වැනි නව වෙළෙඳපොළ වෙත පිවිසීමට නොපමාව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යොමු විය යුතු බවද ඒකාබද්ධ ඇඟලුම් සංසදය අවධාරණය කරයි.