ඉල්ලා අස්වීමේ නියෝග අනුරාධාලාට විතරයි…! මුසම්මිල්ට නෑ…!

May 9, 2023 at 8:51 am | by emanisa.lk

ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවට වාර්තා වූ පුවත අසත්‍යය බව ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල්ට පවසයි.

එවැනි කිසිදු දැනුම් දීමක් තමන්ට මෙතෙක් නොලැබුණු බව ද හෙතෙම අවධාරණය කයි.

කෙසේ වුව ද ජනාධිපතිවරයා එවන් දැනුම්දීමක් කරන්නේ නම් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මාධ්‍ය වාර්තා කර තිබුණේ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත්, උතුරු පළාත් අණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල් ඇතුළු පිරිසකට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස