ඉල්ලා අස්නොවන ආණ්ඩුකාරයින් පන්නන්න සූදානම්…!

May 13, 2023 at 7:03 pm | by emanisa.lk

ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම්දීමට අනුව ක්‍රියා නොකරන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට පියවර තුනක වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම්දීමෙන් පසුව සැලකිය යුතු කාලයක් ගත වී ඇතත් ආණ්ඩුකාරවරුන්ගෙන් නිශ්චිත ප්‍රතිචාරයක් නොවීමෙන් මෙම පියවර ගැන සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීම හෝ අදාළ ආණ්ඩුකාර ධූරවලට නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සාකච්ඡාවට ලක් වී ඇති මූලික පියවර දෙක වේ.

එසේ නැතහොත් ඉල්ලා අස්නොවන ආණ්ඩුකාරවරුන් තව දුරටත් ජනාධිපතිගේ නියෝජිතයන් සේ නොසලකන බවට රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඔවුන්ගේ මුදල් ප්‍රතිපාදන කපා හැරීම තෙවන පියවර ලෙස සාකච්ඡා වී ඇත.

වර්තමාන ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු ඉවත් කොට තනතුරු නොමැති එජාප ප්‍රබලයින් එම තනතුරුවලට පත් කිරීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස