ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඊයේ සිදු වූ ගුවන් අනතුරින් මරුමුවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයා ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත්ව තිබිණි.
මෙම අනතුරින් ඉරාන විදේශ අමාත්‍යවරයා ද මරුමුවට පත්ව ඇති අතර ගුවන් යානයේ ගමන් කළ සියලු දෙනා මරුමුවට පත්ව ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.
රුසියාව, චීනය සහ ගල්ෆ් සහයෝගීතා සංවිධානය ද ඉරාන ජනාධිපතිවරයා විපතට පත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත.
ඉහත දැක්වෙන්නේ ජාත්‍යන්තර මාධය නිකුත් කර ඇති අසර්බයිජානයට ගිය ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පෙනී සිටි අවසානය ඡායාරූපයයි.