ඉරාජ් වීරරත්න ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සූදානම් වන සංගීත ප්‍රසංගයක් කඩාකප්පල් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඇතැයි නීතීඥ මනෝජ් ගමගේ චෝදනා කරයි
නීතීඥවරයා අනාවරණය කළේ, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සංවිධාන කිහිපයක් විසින් මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ලිපි යවා ඇති බවයි.
කොටි සංවිධානය ත්‍රස්තවාදී කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ රැස්වීම් පවත්වන විට මුදල් එකතු කරන විට විරුද්ධ නොවූ පිරිස විරුද්ධ දේශපාලන මතයක් දරන සිය රටේ කලාකරුවෙකුට එරෙහිව මෙලෙස කටයුතු කිරීම පිළිබඳ ඕස්ට්‍රේලියානු ශ්‍රීලාංකිකයින් ලැජ්ජාවට පත්විය යුතු බවයි, ඔහු සඳහන් කළේ.
කලාකරුවාගේ කලාව මිස පෞද්ගලික දේශපාලනය රසිකයින්ට අදාළ නැති බවත් ගුණදාස කපුගේ ජවිපෙට සම්බන්ධව කටයුතු කළ ද පක්ෂ භේදයකින් තොරව ජනතාව ඔහුගේ කලාව රසවින්ද බව ද නීතීඥ මනෝජ් ගමගේ වැඩි දුරටත් ප්‍රකාශ කළේය. ඉරාජ් ඕස්ට්‍රේලියාවේ සංගීත ප්‍රසංගයක් මිස දේශපාලන රැස්වීමක් නොපවත්වන බව ද හෙතෙම සඳහන් කරයි.
ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් නීතීඥ මනෝජ් ගමගේ මේ බව කීය.