ඉඹුල්ගොඩ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් ප්‍රමාණයක් බව නි. ඇමති මහින්ද ජයසිංහ පවසයි.
මාලිමාණ්ඩුව බලයට පත් වූ පසු ජනතාව ඒ පිළිබඳ දිගින් දිගටම පැමිණිලි කළ බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මෙම ඉඩමේ නිධානයක් ඇත යන විශ්වාසය මත එය අත්පත් කරගෙන ඇති බවත් ඉඩමේ මුල් හිමිකරුවන් සොයා අදාළ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් මහින්ද ජයසිංහ සඳහන් කරයි.
අද (20) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.