විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කර ඇත.
මෙම අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.
මෙමගින් එම සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් හිමි වනු ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් ඉදිකිරීම සඳහා ද අනුමැතිය ලැබේ.
ඒ සමාගම් වෙත වසර 20ක් සඳහා බලාත්මක බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇත.