ඉන්ධන මිල වැඩි නොකිරීමට ඊයේ (22) සවස පැවැත්වුණු විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කොට ඇත.
එහි දී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කළ බවත් අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන් බවත් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ය.
එසේ ම ඛනිජ තෙල් ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති රු. බිලියන 80ක ණය මුදල පියවීමට මුදල් අමාත්‍යංශය එකඟ වී ඇත.
ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද ජනතාව පත්ව ඇති අසීරුතාව සලකා මිල ඉහළ නොදැමීමට එහි දී තීන්දු කර තිබේ.