ඉන්ධන මිල වැට් සමග ඉහළට…! භූමිතෙල් රු. 11කින් පහළට…!

January 1, 2024 at 9:36 am | by emanisa.lk

සිපෙට්කෝ ඉන්ධන මිල අද (01) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත.

ඒ අනුව ලංකා ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර නව මිලර රුපියල් 366කි.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියයල් 38කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 464කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර සුදු ඩීසල් ලිටයක නව මිල රුපියල් 358කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 475කි.

භූමිතෙල් මිල ද රුපියල් 11කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 236ක් බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම ඉන්ධන මිලට සමගාමීව IOC සහ සිනොපෙක් ඉන්ධන මිල ද වැඩි කර ඇති අතර සිනොපෙක් පිරවුම්හල්වලින් රු. 3ක් අඩුවෙන් පෙට්‍රල් ඩීසල් මිල දී ගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *