ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම ඉකුත් 2023 වසරේ පළමු මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ පළමු මාස අටේ දී රුපියල් බිලියන 139.3ක් දක්වා සියයට 137.4කින් ඉහළ ගොස් තිබේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාවේ මේ බව සඳහන් වෙයි.
ඉකුත් වර්ෂයේ මුල් මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාල පරිච්ජේදයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.6 කින් වැඩි වී ඇත.
2023 වර්ෂයේ ජුනි මස 01 සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක් මත රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පනවා තිබුණි. 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින සිට ඩීසල් ලීටරයක් මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 06කින් සහ පෙට්රල් ලීටරයක් මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 05කින් අඩු කරනු ලැබීය.
මේ අනුව ඉන්ධන බදු ආදායම ඉහළ ගොස් ඇත්තේ ඉන්ධන පරිභෝජනය ඉහළ යෑම සමග ඉල්ලුම වැඩ වීමෙන් බව තහවුරු වෙයි.