ඉන්ධන ගබඩා පුරවන්න ජනපති නියෝග…!

October 14, 2023 at 12:34 pm | by emanisa.lk

අවශ්‍ය තරම් ඉන්ධන තොග රැස්කර තබා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දෙයි.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12) පස්වරුවේ පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී ය.

ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී ඇත්තේ ඊශ්‍රායලයේ ගාසා තීරයේ පවතින ගැටුම හා යුක්රේන රුසියා ගැටුම නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යන බවයි.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලු ගබඩාවල අවශ්‍ය තරම් ඉන්ධන තොග ගබඩා කර තබා ගැනීමට සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *