අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක පවසයි.
“අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි ගාව තියෙන තෙල් විතරයි විකුණන්නේ ආපහු ඕඩර් කිරීමක් කරන්නේ නැහැ. යම් කිසි විදිහකින් ඛණිජ තෙල් සංස්ථාව හෝ වෙනත් සමාගමක් තෙල් ලබා දුන්නොත් අපි විකුණනවා. නිකන් ලැබෙන තෙල් ඕන තරම් විකුණනවා. අපිට සල්ලි දීලා මේ මිලට තෙල් අරන් විකුණන්න පුළුවන් කමක් නෑ.”
ඒ වගේම තමයි ජනාධිපති කාර්යාලයේ සිට සියලුම රාජ්‍ය තන්ත්රයට අපි තෙල් ලබා දෙනවා ක්‍රෙඩිට් ෆැසිලිටි එක යටතේ. මේවා ලබා දෙන්නේ රජයෙන් නෙමේ බෙදුම්කරුවන්ගේ සල්ලිවලින්. ඒ නිසා අපි හෙට උදේ ඉඳලා කිසිම රාජ්‍ය ආයතනයකට ක්‍රෙඩිට් එකට තෙල් ලබා දීම කරන්නේ නෑ සල්ලි ගෙනත් දුන්නොත් විතරයි තෙල් දෙන්නේ.”