ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා අතර සිටින මොහමඩ් නුෆ්රාන් නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍රයෙකු බව විමර්ශන නිලධාරීන් අනාවරණ කර ගෙන තිබේ.
මෙම ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවෙයි.
මෙම ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ තවත් ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ.
දරුණු පාතාළ නායකයෙකු වූ පොට්ට නවුෆර් විනිසුරු සරත් අඹේපිටිය ඇතුළු විශාල පිරිසක් ඝාතනය කළ අයෙකි. මරණ දඬුවම නියම වී සිරගතව සිටි පොට්ට නවුෆර් කොවිඩ් ආසාදිතව මිය ගියේය.