ඉන්දියාවෙන් ගේන්නේ බාල පෝර…! පැල ගොයමට දැම්මොත් කුණු වෙනවා..! – අනුර…

June 13, 2022 at 11:26 am | by emanisa.lk

ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් වැයකොට ඉන්දියාවෙන් යල සහ මහ කන්නයට ගෙන්වීමට නියමිත යූරියා මෙටි්‍රක් ටොන් 65,000ක් ප්‍රමිතියෙන් බාල තත්ත්වයේ පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අනාවරණය කරයි.

ජවිපෙ නායකයා පැවැසුවේ ඉඹ්ඉ 2018: 2014 ප්‍රමිතියට අනුව අදාළ පොහොරවල 1%ක් විය යුතු බයියුරේට් (Biuret) ඉන්දියානු ප්‍රමිතිය අනුව 1.5%ක් බවත් එය මෙරට වගාවන්වලට නුසුදුසු බවත්ය.

එමෙන්ම ඇමෙරිකන් ඩොලර් මිලියන 55ක් වැය කොට අදාළ පොහොර තොගය ගෙන්වීමට නියමිත අතර මෙම නොගැළපෙන සංයුතිය පිළිබඳව කාරණයට විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීමට සූදානමක් පවතින බවත් මන්ත්‍රිවරයා පැවසීය.

මෙම පොහොර මෙටි්‍රක් ටොන් 65,000 ගෙන්වන්නේ ඉන්දියානු රේඛීය ණය ක්‍රමයෙන් (Credit Line) වන බව ද හෙතෙම පැවැසීය.

මේ සඳහා 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනතට අනුව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මෙහි ප්‍රමිති අනුගමනය කළ යුතු බවත් ඔහු පැවසීය.

“මේවා ගොයම්වලටයි බඩඉරිඟුවලට විතරක් දාන්න කියලා කැබිනට් පත්‍රිකාවේ තියෙනවා. ඒ වගේම මෙය පැළ ගොයමට ගැහුවොත් මුල් කුණු වෙනවා කියලා කෘෂි විද්‍යාඥයෙක් මා සමඟ කිව්වා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *