1987 ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට එරෙහිව සටන් කළ නමුත් මේ වන විට ඉන්දියාව වෙනස් වී ඇති නිසා තවදුරටත් තරහා වී සිටිය යුතු නැති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
“අනුර සහෝදරයා ජනාධිපති වෙලා ඉන්දියාවට ගියා. එහෙදි අපි අත්සන් කළා ගිවිසුම් වගයක් අපට වාසි සහගත. ඊටපස්සෙ අපි ආරාධනා කළා ඉන්දියානු අගමැතිවරයාට ලංකාවට එන්න කියලා. ඉන්දියානු අගමැතිතුමා මෙහෙට ආවා. දවස් දෙකක් හිටියා. ඉඳලා ගිවිසුම් කීපයක් අත්සන් කරලා ගියා. අපි දෙගොල්ලොන්ටම හොඳයි. මිත්‍රත්වය තිබුණා.
දැන් වෙලා තියෙන්නෙ මොකක්ද ? කලින් කිව්වා අපට ජාත්‍යන්තර සහයෝගය නෑ, කවුරුත් උදව් කරන්නෙ නෑ කියලා. දැන් කට්ටිය එකතු වෙලා උදව් කරනකොට දැන් කෑගහනවා මෙන්න රට පාවාදෙනවා ලු. අපි ඉන්දියාවට රට පාවාදුන්නා ලු. අපි අහනවා ඕනෙ කෙනෙක්ගෙන් අපට පෙන්වන්න එක ගිවිසුමක් අපි පාවාදුන්නෙ මොකක්ද කියලා රට. අපි ? නෑ … ඉන්දියාවට දෙන්න හිටියෙ නිකම් හෝල් සේල්. ඒක වෙනස් කරේ අපි. අපි කතා කරලා දෙගොල්ලන්ටම පාඩුවක් වෙන්නැති ගිවිසුම්වලට ආවා ගෞරවාන්විතව.
අද ඉන්දියාව වෙනස් වෙලා තියෙනවා. අපි 1987 සටන් කළා කියලා තාමත් තරහින් ඉන්න ඕනෙද ? නෑ, එහෙම ඉන්න ඕනෙ නෑ. එදා ප්‍රශ්නයක් ආවා, අපි සටන් කළා, දැන් ඒක ඉවරයි. දැන් මිත්රකමේ ඉන්න ඕනා. එහෙමනෙ දේශපාලනය කියලා කියන්නේ.”
ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමිනි.