ඉන්දියානු බිත්තර සුපිරි වෙළඳසැල් සහ සතොසට…!

July 24, 2023 at 10:48 am | by emanisa.lk

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සුපිරි වෙළඳසැල් සහ සතොස වෙත බෙදා හැරීමට තීරණය කර ඇතැයි වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව මඟින් ලබන සතිය වන විට ඊට අදාළ කටයුතු සම්පාදනය කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය. මෙතෙක් එම ආනයනික බිත්තර ලබා දුන්නේ බේකරි හිමියන්ට පමණි.

මේ අතර බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ ලබන වසරේ ජුනි මාසය වන විට මෙරට බිත්තර අවශ්‍යතාව සම්පූර්ණයෙන් සපුරා ලිය හැකි බවයි. එමෙන්ම බිත්තර සඳහා වන උපරිම මිල ඉවත් කළ යුතු බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී එම සංගමයේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *