මේ වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% ක මට්ටමේ පවත්නා රාජ්‍ය බදු ආදායම 15% ක් දක්වා තවත් 4% කින් වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ වගකීම වත්මන් රජයට පැවරී ඇතැයි BBC ආයතනය විශේෂ වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.
පසුගිය 2023 වසරේ පැවති ආණ්ඩුව විසින් බදු අනුපාත ඉහළ දැමීමෙන් පසුව උපයන විට ගෙවීමේ බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 144 කි. එහෙත් රජය එම බද්දෙන් ලබා ගැනීමට අපේක්ෂා කළේ රුපියල් බිලියන 100 ක ආදායමක් පමණක් වුවද රුපියල් බිලියන 44 ක් වැඩිපුර ආදායමක් ලැබී තිබිණි.