ඉදිරි වසර පහේ මෙරට තීරණාත්මක බලවේගය පොහොට්ටුව…! – නාමල්…

October 22, 2024 at 9:23 am | by emanisa.lk

එළඹෙන පාර්ලිමේන්තුව තුළත් ඉදිරි වසර පහ තුළත් දේශපාලන භූමිකාවේ තීරණාත්මක බලවේගය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වෙන බව ඉතා ම වගකීමෙන් පවසන්නේ යැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඉදිරි දේශපාලන ගමන් මඟ තුළ නවක නායකත්වයක් ගොඩනගන්න ඕනේ. අලුත් නායකයෝ අපි ගම්වල හදන්න ඕනේ. මැතිවරණ වේදිකාවල බොරු දේශපාලන පොරොන්දු වෙනුවට ප්‍රායෝගිකව දේශපාලනය කරන නායකයෝ අපි බිහිකරන්න ඕනේ.

පහුගිය ජනාධිපතිවරණ මැතිවරණය දිහා බැලුවහම එක්කෙනාට එක්කෙනෙක් පරාජය නොවන ආකාරයට බොරු කිව්වා. අද බලයට ඇවිල්ලා තමන් කියපු බොරු ක්‍රියාත්මක කරගන්න විදිහක් නැතුව නායකයෝ කල්පනා කරනවා අපි දැන් මොකක්ද කරන්නේ කියල.

ඒ නිසා නැවත වතාවක් මඩ ගහන දේශපාලනයට ඇවිල්ල තියෙනවා. යහපාලන ආණ්ඩුව වගේ හොරු අල්ලන දේශපාලනයට ඇවිල්ලා තියෙනවා. හොරු අල්ලන මුවාවෙන් බොහෝ කාරණා යටපත් කරගන්නා තැනට ඇවිල්ලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *